නාවික හමුදාවේ සහ විදෙස්ගතව සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ කොරෝනා ආසාදිත පොකුරු නිසි ලෙස කළමනාකරණය නොකළහොත් රටතුළ දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ
විදේශගත ශ්‍රමිකයින් කටුනායකට පැමිණී විගස PCR පරීක්ෂණ සිදුකිරිම අනිවාර්ය බවත් එමෙන්ම ඔවුන්ව නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
කොරෝනා මර්ධනය සඳහා රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සාමාජිකයින්ව PCR පරීක්ෂණ සිදුකොට සමාජය තුලට කොරෝනා වෛරසය පැතිරීමට ඉඩ නොතැබිය යුතු බවද ඒ මහතා අවධාරණය කර සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Published in Health
More from HealthMore posts in Health »