නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි එළවලු වගා ගොවිපලක මන්දකට හසු වි මුදා ගත් කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කර එහි වාර්තාව 07.29 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29) දින නියෝගයක් නිකුත් කලා.
ශ්‍රි පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලදාරින් කියා සිටියේ.