Press "Enter" to skip to content

තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායනවන පිරිසගෙන් නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නෑ

කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස් කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පවසයි .

මේ පිළිබද වැඩි දුරටත් අදහස් දැක වූ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා,

වාද්දුව ප්‍රදේශයේ හෝටල් වල රටවල් 07කින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් නිරෝධායනය වන බවත් එම කාලය තුල එම පිරිසේ ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කල බවත් ,එම කටයුතු සඳහා ඉමහත් කැපවීමකින් වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් , එසේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර පිරිස් කොවිඩ් 19 පාලනයට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු වලට සහයෝගය නොදැක්වීම සිදුවන බවද,එම නිසා සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් 19 වසංඝතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහයෝගය අවශ්‍ය බවත්,ඉදිරියටත් විදේශ වලින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් ,එසේ සහයෝගය නොදීම තුලින් තම වෛද්‍ය කාර්ය මණ්ඩල අවධානමට පත්වන බවත් එසේ සහයෝගය නොලැබෙන්නේ නම් කොවිඩ් 19 වසංඝතය පාලනය කිරීමේ කටයුතු වල තවදුරටත් නිරත වන්නේ දැයි තීරණය කිරීමට සිදුවන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පවසයි .