Press "Enter" to skip to content

විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා අයුරු රජය පැහැදිළි කරයි

කොවිඩ් 19 හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ඉදිරියේදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ක්‍රමයෙන් දිවයිනට ගෙන්වා ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට විදෙස්ගත ලාංකිකයන් 4500ක් පමණ දිවයිනට පැමිණ ඇති අතර තවත් 41000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා අයුරු

මැයි 21 – ඉන්දුනීසියාව

මැයි 23 – බංග්ලාදේශයේ අධිඅවධානම් ශ්‍රමිකයන්

මැයි 22දා – රුසියාවේ සිසුන්

මැයි 26දා – කටාර් ශ්‍රමිකයන්

මැයි 28දා – බෙලරූස් සිසු සිසුවියන්

ඉන් අනතුරුව ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයින්හි ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙටිකාලීන වීසා ලබාගත් තවත් ශ්‍රී ලාංකිකයන් 11000ක පමණ පිරිසක් වෙනත් රටවල සිටින බවත් ඔවුන්ද ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය. කෙසේ වෙත් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ ගුවන් යානා යොමුනොකරන බවත් ඔවුන්ට අදාළ රටවල සිට පැමිණීමට පහසුකම් ලබාගන්නවා නම් ගෙන්වා ගන්නා බවත් ඔහු පැවැසීය.