Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් 960 දක්වා ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 431 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන් 25 අතරින් 23 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බවයි.