Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 937 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 937ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් ගණන 2ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අද හමුවූ ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙක් මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරොධායනයට ලක්වෙමින් සිටි අයෙක් බවයි.

අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.