හෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.
මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.
හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
lanka C news
Published in Gossip
More from GossipMore posts in Gossip »