Press "Enter" to skip to content

මැයි 11 රට අරින තීරණයේ වෙනසක් නෑ

ඇඳිරි නීතිය රටේ යම් යම් ප්‍රදේශවල ක්‍රියාත්මක වුවත් එදිනෙදා කටයුතු සඳුදා (11දා) සිට ක්‍රියාත්මක කිරීමට රජය ගෙන තිබෙන තීරණයේ වෙනසක් නැතැයි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ‘මව්බිම’ට පැවැසීය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශවල කටයුතු ක්‍රම ක්‍රමයෙන් ඇරැඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානමින් සිටින බවද ඒ මහතා කීය.

මේ වනවිට කොරෝනා වයිරසය පැතිරයෑම සාර්ථකව මර්දනය කර ඇති බැවින් කළ යුත්තේ අදාළ සෞඛ්‍ය උපදෙස් මත ජනතාව වගකීමෙන් කටයුතු කිරීම යැයි ද අජිත් රෝහණ මහතා පැවැසීය.
mawbima