කොරෝනා වංසගතය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යලි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යය සාධක බලකාය සමග පැවැති සාකච්ඡාවකදීයි. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇගලූම් සහ සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින් ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.
විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩප්රස්ථා සැලසුම් කිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් මෙහිදී අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති කාර්යය සාධක බලකාය විෂය ක්ෂේත්රයට අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සැලසුම් සකස් කර කි‍්‍රයාත්මක කළ යුතු බවයි.