Press "Enter" to skip to content

Corona : ශ‍්‍රී ලංකාවට තීරණාත්මක දින 10 ඇරඹේ

ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ.

ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.

මෙවන් පසුබිමක 25 දිනයට අදාළව කොවිඩ් 19 ආසාධිත වූ කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවීම විශේෂත්වයක්.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට දෙකක් සඳහා රෝග ලක්ෂන ඉක්මනින් පෙන්නුම් කළත් සියයට 98ක රෝග ලක්ෂන පෙන්නුම් කරන්නේ, දින 11ත් 14ත් අතර කාලය තුලයි.

ඒ අනුව රටපුරා පුද්ගලයින් 23,000ක් ස්වයං නිරෝධායනය සඳහා මේ වන විට යොමුකර ඇත්තේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ හමුදා අධීක්ෂණයෙන්.