විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ඇමැතිවරුන් විසින් කැඳවන ලද පක්ෂ එකතුවේ මීළඟ රැස්වීම ලබන 25දා ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලැසුම්කර තිබේ.
ඊට පෙර ඔවුන් ජනපති හා අගමැති සමඟ ද සාකච්ඡා කිරීමට සැලැසුමක් ඇති බව වාර්තා වේ.
මෙතෙක් පක්ෂ 10කින් සමන්විතව තිබූ එම කණ්ඩායමට ඒ.එම්.ඒ. අතාවුල්ලා සහ ටිරාන් අලස්ගේ පක්ෂ දෙකද එක්වීමත් සමඟ දේශපාලන පක්ෂ 12ක සහාය එම කණ්ඩායමට ලැබී ඇත.
මේ අනුව, ආණ්ඩුවේ ප්රධාන දේශපාලන පක්ෂයවන ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් සියලුම පක්ෂවල නියෝජිතයින් මේ කණ්ඩායමට එක්ව සිටිති.
මෙලෙස එක්වූ දේශපාලන පක්ෂ හා සංවිධාන අතර ‘බුළත් කොළය’ හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතරයක් පක්ෂ හා සංවිධානවල නියෝජිතයින් එක්ව සිටීම විශේෂ කාරණයකි.
එම පක්ෂ එකතුව රටේ ජාතික ප්රශ්න සහ ඔවුන්ට බලපාන ප්රශ්න ගැන සාකච්ඡා කිරීමට මෙසේ ඒ ඒ පක්ෂ මූලස්ථානවලදී හමුවීම් සැලැසුම් කර ඇති බව පැවසේ.
srilankamirror.com
Published in Political