Press "Enter" to skip to content

‘මුදල් ඇමති ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අද බලරහිත කළා’: ආනයන – අපනයන පාලක ජනරාල් කියයි

ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කර මුදල් අමාත්‍යවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

එම උපදෙස අද සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර ඇත.

ඒ අනුව, ටයිල් හා නානකාමර උපාංග ආනයන සීමා තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

අප කළ විමසීමකදී ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළේ, රජයේ උපදෙස් මත තමන් ක්‍රියා කළ බවය.