ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂතම සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ.ලංකාවේ නම ලෝකයටම ගෙනියපු මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජිවිතයේ සොඳුරු තැන කිහිපයක් ගැන තමයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ.මතකනේ අදටත් කාටත් ගහන්න බැරි දිල්ස්කුප් එක
තිලකරත්න ඩිල්ෂාන් ගැන කතා කරන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වනවා.එක්දින තරඟ විස්සයි විස්ස තරඟ ඒ වගේම ටෙස්ට් තරඟ වලටද ක්‍රීඩාකරපු ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.අදටත් කා අතරත් කතා බහ වෙන පහරදීමට ඉතාමත් අසීරු පහරක් වන ඩිල්ස්කුප් කියන සුපිරි පහරද ක්‍රිකට් වලට හඳුන්වා දුන්නේද මේ විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයායි.තමන්ගේ නමින් ක්‍රිකට් පහරක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දීමට හමිවිමත් ඔහු ලැබූ ලොකු බාග්‍යක් වගේම ලංකාවේ ක්‍රිකට් වලටත් ලැබුණු ලොකු අභිමානයක් විදිහට සලකන්න අපිට පුළුවන්.ඩිල්ශාන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වගේම රංගනයට සහ ගායනයට ගොඩක් කැමති පුද්ගලයෙක්. ඩිල්ශාන් මුලින්ම අපි මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙමු
ඔබගේ පවුල කොහොම පවුලක්ද ?
ඇත්තටම මගේ අම්මා තාත්තා හොඳ කළා රසවින්දකයෝ එයාල සින්දු ගායනා කරනවා,චිත්‍රපටි බලනවා,විවේකි වෙලාවට විනෝදයෙන් සන්තෝෂයෙන් හිටපු දෙදෙනෙක්.ඒ වගේම තමයි මගේ පවුලේ සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් ඉන්නවා.අපි පස්දෙනා ගැනම බලන්න ඕන නිසා අම්මලාට අපිව කලාවට යොදවන්න කාලයක් තිබුනේ නැහැ.නමුත් මගේ අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්.මගේ අම්මගේ නම නන්දනී පියලතා.
ඩිල්ෂාන් ක්‍රිකට් ගැන කතා කරනවට වඩා මම කැමති කලාවත් එක්ක ඔයාගේ සම්බන්ධය කොයිතරම් තිබුනද කියලා දැනගන්න…ඔයා ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය කියන විෂය හැදෑරුවද?
ඔව් මම සෞන්දර්ය කියන විෂය හැදෑරුවා.මම මගේ පාසල් ජීවිතයේදී පාසල් දෙකකට ගියා.එයින් එකක් තමයි යාපනය සිංහල මහා විද්‍යාලය.අනිත් පාසල තමයි කළුතර මහා විද්‍යාලය.මම සංගීතය හැදෑරුවේ කළුතර මහා විද්‍යාලයෙන්.ඒ දවස්වල මම සින්දු කිව්වා හැබැයි ක්ෂුත්රියකට නම් නෙවෙයි ඉතින් ඒ කාලේ හරිම සුන්දරයි සින්දු කියනකොට අපි තට්ටු කරන්න ගන්නේ ලී කෑලි වලින් බෙලෙක් කෑලිවලට ගගහ.නමුත් මට පාසලේ තිබුන කලාකටයුතු වලට නම් සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුනේ නැහැ
ඔයාට විව්වාහ කරගන්න ඕනේ කියල හිතුන නිලියෙක් එහෙම හිටියේ නැද්ද?
සබීතා පෙරේරා තමයි ඒ.ඇත්තටම මට එහෙම හිතෙනකොට මම ගොඩක් පොඩියි.එත් සබිතාව දැක්කම මේ වගේ නිලියක් බඳින්න තිබුනා නම් හොඳයි කියලා හිතුනා.මම සබීතා අක්කට වශීවෙලා හිටියේ ඒ කාලේ ඉතින් මම කොහොම හරි බැන්දේ නිලියක්ම තමයි.
ඩිල්ශාන් පුරුද්දක් විදිහට චිත්‍රපටි බලපු කෙනෙක්ද ?
ඇත්තටම නැහැ.මට චිත්‍රපටි බලන්න ලොකු කාලයක් තිබුනේ නැහැ.පොඩි කාලේ ඉඳලම මම ආස වුණේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න.ඒකටම සම්පුර්ණ මනස හදාගත්තා.ඒ නිසා පාසල් කාලයේදී නම් මම චිත්‍රපටි පස්සේ එලෙව්වේ නැහැ.නමුත් පසු කාලීනව නිළියක්ව විවාහ කරගත් නිසාත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාත් මට චිත්‍රපටි පළමු දර්ශනය ආරාධනා ආවම ගිහින් බලනවා.
දෙතුන් වතාවක්ම ඔයා විශේෂයෙන් බලපු චිත්‍රපටියක් තියේද ?
ඔව් නොම්බර 17 කියන චිත්‍රපටිය. සබීතා පෙරේරා ඒකෙ රංගනයෙන් දායක වෙන නිසා ඒ චිත්‍රපටිය හය වතාවක් බැලුව.පසු කාලීනව මට සබීතා අක්කව මුණ ගැහුවා.එතකොට මම සබීතා අක්කට කියලා තියෙනවා.ඔයා නිසා මම නොම්බර 17 කියන චිත්‍රපටිය හය වතාවක් බැලුව කියලා.ඇත්තටම සබීතා පෙරේරා කියන්නේ මම ගොඩක් ආදරේ කරන සහ ගරු කරන කෙනෙක්.
ඔයා කැමතිම චිත්‍රපටි නළුවා කවුද ?
මම කැමතියි ජෝ අබේවික්‍රම කියන රංගවේදියාට.මම ඔහුගෙන් දැක්ක දෙයක් තමයි ඔහු ප්‍රතිභාපුර්ණ නළුවෙක් .මම මුලින්ම බලපු පුජා කියන චිත්‍රපටියේ තාත්තාගේ චරිතය කරන්නේ එතුමා.ඒ චරිතය හැම කෙනෙක්ටම දැනෙන විදිහට සැහෙන්න සංවේදී කරනවා.ඒ වගේම තමයි අමරසිරි කලන්සුරිය මහත්මයාටත් මම ගොඩක් කැමතියි.ඒ තමයි මුළු ජිවිතයම කලාව වෙනුවෙන් කැප කරපු මිනිස්සු.