Press "Enter" to skip to content

LPL චෝදනාවලට මාලිංගගෙන් පිළිතුරක්

තවත් දින දෙකකින් එනම් 26 වන දා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දේශීය සංකේතාත්මක ක්‍රීඩකයා ලෙසින් තෝරාගත් ලසිත් මාලිංග ඉන් ඉවත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විවිධ මතිමතාන්තර ගොඩනැඟිණි.

එහිදී බොහෝ දෙනෙකු සඳහන් කළේ මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව බැවින් මාලිංග තරග කිහිපයකට හෝ සහභාගි විය යුතුව තිබූ බවය.

කෙසේ වෙතත් ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාලිංග පැවැසුවේ මෙවැන්නකි.

“ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව ක්‍රිකට් ගහන්න බැහැනේ. ගොඩක් අය මට ක්‍රිකට් ගහන්න උගන්වන්න හදනවා. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. ඒ අය හිතන් ඉන්නේ ක්‍රිකට් ගහනවා කියන්නේ ගෙදර ඉඳන් කඩේට පාන් ගේන්න යනවා වගේ වැඩක් කියලා. එහෙම ක්‍රිකට් ගහන්න බැහැ. මම දැක්කා මම ගැන එක එක දේවල් දාලා තියෙනවා. ඕවා හැම එකකටම උත්තර දෙන්න බැහැනේ. තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනීවි, නැති එක්කෙනෙක් නිකන් ඉඳීවි. සමහර අය හිතන් ඉන්නේ අයියෝ දුවලා ගියා බෝල් කරා කියලා. ඒත් මම දන්නවා යෝකර් එකක් දාන්න බෝල කීයක් දාන්න ඕනද කියලා. අනික ඒ වැඩේ කරන කෙනා තමයි දන්නේ ඒ වැඩේ කොච්චර අමාරුද කියලා” යනුවෙනි.