බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වන සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,418 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔක්තෝබර් 04 වනදා සිට මේවන තෙක් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 6,141 කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 5,667ක් ද ,කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 610ක් ද වාර්තා වී තිබේ.