පැය 24ක් ඇතුළත PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදෙන තෙක් කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු එක්රැස් කරගෙන එය මැඩ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබාගැනීමට පැය 48ක පමණ කාලයක් ගතවීම නිසා ලැබෙන ප්‍රතිඵලය පිළුණු වූ ප්‍රතිඵලයක් බැවින් නිවැරැදි දත්ත පදනම් කරගෙන කටයුතු කිරීම අපහසු වී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවැසීය.
දැන් ප්‍රකාශයට පත්කර ඇති රතු කලාපවල සිටින කොවිඩ්-19 රෝගීන්ගෙන් එම කලාප නිදහස් කර විවෘත කරන තෙක් රට විවෘත කිරීමේ කටයුතු ප්‍රමාද වන බැවින් එම කලාපවල සිටින පුද්ගලයන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට ලක්කර කඩිනමින් ප්‍රතිඵල ලබාදී එම කලාප එකින් එක නිදහස් කරගත යුතුව ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා ක්‍රම ක්‍රමයෙන් එම කලාප එකින් එක මේ අන්දමට කටයුතු කර කොළ කලාප බවට පත්කර ගත යුතුව ඇතැයි සඳහන් කරයි.
දැනට ඇඳිරි නීතිය පනවා ඇති අවදානම් කලාපවල මේ ආකාරයට කඩිනමින් PCR පරීක්ෂණ කිරීමට සහ එම පරීක්ෂණ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමට සෞඛ්‍ය අංශ පියවර ගතයුතු බව හෙතෙම අවධාරණය කරයි.
Published in Gossip and Uncategorized