Press "Enter" to skip to content

කවුරු විරුද්ධ වුවත් නගර සභා රැස්වීම පවත්වනවා – රෝසි සේනානායක

කවුරුන් විරුද්ධ වුවත් කොළඹ මහ නගර සභා රැස්වීම හෙට (29) අනිවාර්යෙන්ම පවත්වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

මුදල් පනත් ගණනාවක් සම්මත කිරිම හා නගරයේ ජිවත්වන ජනතාවට සහන සැලසීම අරමුණූ කරගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරිම සඳහා මෙම මාසික රැස්විම පැවැත්විය යුතු බව ඇය කීවාය.

මේ පිළීබඳව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාගෙන් කළ විමසිමේදී ඔහු පැවසුවේ කොළඹ නගරයේ තුළ දැනට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන රැස්විම පැවැත්විය යුතු නැති බවට නගරාධිපතිනිය දැනුවත් කර ඇති බවයි.

More from GossipMore posts in Gossip »