රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (28) අනාවරණය කළේය.
මෙම පුද්ගලයා ගාල්ල කොටුව ආසන්නයේ රත්ගම වැල්ලේ මාළු ලෑල්ලක් පවත්වාගෙන යන අයෙකි. රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු යැයි තහවුරු වී ඇත.






