Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක දෙකකින් ආසාදිතයින් 403ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වනවා. මිට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වේ.

More from GossipMore posts in Gossip »