පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද (26 වැනිදා) නිකුත් කෙරේ.
උසස් පෙළ විභාගය නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ පැවති අතර ඒ නිසා අවම ඉසඩ් ලකුණු ද විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කෙරෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය. පෙර වසරට සාපේක්ෂව නව අධ්‍යයන වර්ෂය (2019-2020) සඳහා සිසුන් දසදහස් පන්සියයක් පමණ වැඩිපුර ඇතුළත් කර ගැනීමට නියමිත අතර ඒ අනුව ඇතුළත් කිරීමට නියමිත සිසුන් සංඛ්‍යාව හතළිස් එක් දහස් පන්සියයක් පමණ වෙයි. පෙර වසරේ දී ඇතුළත් කරන ලද්දේ සිසුන් තිස්දහසක් පමණ ය.
ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.






