Press "Enter" to skip to content

STF කඳවුරු 3ක් හුදකලා කෙරේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ එකොළොස් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමු වී ඇති අතර ඒ සමග කැලණිය කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු හුදකලා කර තිබේ.

කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වයිරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

හුදකලා කළ කඳවුරු තුනේ සෙබළුන් හා නිලධාරීන්ට දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළුව සෞඛ්‍ය පිළිවෙත් යොදමින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

More from GossipMore posts in Gossip »