Press "Enter" to skip to content

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා දැමිණි.

කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බවය.

More from GossipMore posts in Gossip »