Press "Enter" to skip to content

NB 9017 කොළඹ – බදුල්ල බස් රථයේ ගිය අය සෞඛ්‍ය අංශ හමුවන්න

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ බදුල්ල ලංගම බස්‍ රථයකින් හාලිඇලට පැමිණ තිබේ.

මෙම ආසාදිතයා හාලිඇල රොසට්වත්තේ වතු නිවසක සැගවී සිටියදී සොයාගෙන පොලොන්නරුව අරලගංවිල නිරෝධන මධ්‍යස්ථානයට ඊයේ ( 24දා) රැගෙන ගොස් ඇති අතර ආසාදිතයාගේ පවුල් දෙකක සාමාජිකයන් නවදෙනකු නිවෙස් දෙකක නිරෝධනයට ලක් කල බව හාලිඇල පොලීසිය පවසයි

තලංගම ඩිපෝවට අයත් NB 9017 දරණ කොළඹ – බදුල්ල බස්රථයෙන් මෙම ආසාදිතයා පෙරේදා (23දා) පෙරේදා කොළඹ මධ්‍යම බස්රථ නැවතුම්පොළේ සිට ගොඩ වී පෙරවරු 11.30ට කොළඹින් හාලිඇල බලා පැමිණ ඇති බවත් ,මෙම බස්රථයේ ගමන් ගත් මගින් වහාම හාලිඇල පොලීසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙසත් පොලිසිය ඉල්ලති

More from GossipMore posts in Gossip »