Press "Enter" to skip to content

ගම්පහට හෙට ඇඳිරි නීතිය ඉවත් කිරීමක් නෑ

ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කිරිමට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ අළුයම 5.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල, පයාගල සහ අළුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට පමණක් බවයි.

මිට අමතරව දින 03කට අධික කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබු ප්‍රදේශවල ජනතාවට හෙට දිනයේදී සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩපහසුව ලබාදීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබියදීම යම් සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද මෙහිදී යුද හමුදාපතිවරයා කියා සිටියා.

More from GossipMore posts in Gossip »