Press "Enter" to skip to content

ගතවූ පැය 24 තුළ ගම්පහින් කොවිඩ් ආසාදිතයන් 797ක්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මෙම රෝගීන් පිරිස ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළින් 788 දෙනෙකු ද , ඉතිරි 09 දෙනා දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් වලින් ද හමු වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.