Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයෙක් රෝහලින් පැනයයි

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ 26 හැවිරිදි තරුණයෙකු එම රෝහලෙන් අද(23) උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති පුද්ගලයෙකි.

ඔහු සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.