Press "Enter" to skip to content

ඇඳිරි නීතිය ගැන තීරණය අද ලැබෙන ප්‍රථිපල මතයි – යුද හමුදාපති

අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අද ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවටයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

More from GossipMore posts in Gossip »