Press "Enter" to skip to content

කොරෝනා සමාජගතවෙලා යැයි කියන්න පැහැදිලි සාධක තවම නෑ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීරණයෙන් කොරෝනා අසාදිතයන් හමුවීම තුළින් කොවිඩ් – 19 රෝගය සමාජගත වී ඇති බව ප්‍රකාශ කිරීමට පැහැදිලි සාධකයක් නැතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කොරෝනා ආසාදිත බවට පසුව හඳුනා ගැනුණු කිහිපදෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති නමුත් ඔවුන් ඒ ගැන කලබල විය යුතු නැති බවත් ලැබෙන තොරතුරු අනුව ක්‍රියා කරනවා විනා ක්ෂණික තීරණවලට නොඑළැඹෙන බවද ඒ මහතා සඳහන් කරයි.

ඉකුත් දිනවලදී පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් පළවන කතා බොරු බවත් එහි නිරවද්‍යතාවක් නොමැති බවත් ලෝකය පුරාම පිළිගත් විශ්වාස කටයුතු ප්‍රමිතිය වනුයේ පී.සී.ආර්. පරීක්ෂණ බවත් හෙතෙම පවසයි.

More from GossipMore posts in Gossip »