Press "Enter" to skip to content

කුලියාපිටිය මංගල උත්සවයෙන් පන්නිපිටියටත් කොරෝනා

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටියේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සදහන් කරයි.

එම රෝගියාව ඊයේ දිනයේදීම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම කාන්තාවගේ ආශ්‍රිතයන් වන පන්නිපිටිය ප්‍රදේශයේ 31 දෙනෙකු වහාම නිරෝධායනයට යොමු කර තිබේ.