ඉන්දියාවේ Covid-19 වසංගතය පැතිර යාමට පෙර නීලම් සිං යනු මුම්බායි නගරයේ පාසල් බස් රථ පදවන්නියෙකි.
වසර 18ක් පුරාවට ඇය සිදුකළ මෙම මෙහෙවර Covid-19 වසංගතය සමග වෙනස් වූයේ, වැඩිවන ආසාදිතයන් හමුවේ ඉන්දියාව ලොක්ඩවුන් වීමත් පාසැල් වැසී යාමත් හේතුවෙනි.
තත්ත්වය වඩාත් දරුණු වීමත් සමග ගිලන්රථ හිඟයක් ද ඇති වූ අතර, මෙම කර්තව්‍යයට පාසැල් බස්රථ යොදවාගැනීමට බලධාරීන් තීරණය කර තිබුණි.
ඒ අනුව, සිය කහ පැහැති පාසැල් බස් රථයෙන් ඇය මේ වන විට Covid-19 ආසාදිතයන් රෝහල් වලට ගෙන යයි.
මෙම මෙහෙවර සිදුකිරීමේදී ඇයට මෙන්ම ඇගේ සැමියාට හා මවට ද Covid-19 ආසාදනය වුවත්, සුව වූ වහාම නීලම් යළිත් සිය රැකියාවට පිවිසියේ කිසිඳු චකිතයකින් තොරවයි.