Press "Enter" to skip to content

හැඳල බත් වෙළෙන්ඳාට කොවිඩ්

වත්තල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු අද(15)හදුනා ගෙන ඇත.

වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබෙන බව අනාවරණය වී ඇත.

ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලයි.

More from GossipMore posts in Gossip »