කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුද්ගලයෙකු සම්පූර්ණයෙන් ම බිහිරි භාවයට පත්වූ පුවතක් පිළිබඳව වාර්තා වේ.
ඔහු 45 හැවිරිදි අයෙකු වන අතර ඇදුම රෝගයෙන් පෙළුණු අදාළ රෝගියා කොවිඩ්-19 රෝග ලක්ෂණ හේතුවෙන් ලන්ඩන්හි රෝහලකට ඇතුළත් කර තිබේ.
පසුව ශ්වසන අපහසුතා උග්‍ර වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු සම්පූර්ණ බිහිරි භාවයට පත්ව තිබිණි.
වෛරස් මගින් සිදුවන ආසාදනයන් හේතුවෙන් ක්ෂණික බිහිරි වීම් ඇති විය හැකි බව මෙයින් හෙළි වී තිබෙන අතර කොරෝනා වෛරසයට සම්බන්ධව මෙවැනි රෝගී තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පවසති.
මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගෙන ඖෂධ ලබා දීමෙන් බිහිරි වීම් පාලනය කළ හැකි බව උගුර-කණ-නාසය පිළිබඳ විශේඥ වෛද්‍යවරු පවසති.
Published in Gossip
More from GossipMore posts in Gossip »