Press "Enter" to skip to content

PCR කට්ටල කල් ඉකුත්වෙලා

නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි (මුල්ලේරියාව රෝහල) ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ඉදිකරන ලද ජීව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රය සඳහා ලබා දුන් පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල 30,000න් අඩක් පමණ භාවිත නොකිරීම නිසා කල් ඉකුත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම පී.සී.ආර්.යන්ත්‍රය සහ ප්‍රතික්‍රියක කට්ටල චීන සමාගමක් මගින් ලබාදී ඇත. ප්‍රතික්‍රියක කට්ටල කල් ඉකුත්වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. මෙම ප්‍රතික්‍රියක කට්ටල පසුගිය මාසයේදී කල් ඉකුත්වී තිබේ. මෙවැනි විනාශයක් සිදු වීම වැළැක්වීම සඳහා ප්‍රතික්‍රියක කට්ටල කල් ඉකුත්වීමට පෙර වෙනත් රසායනාගාරයකට යොමු කිරීමට හැකියාව තිබූ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.
(aruna.lk)

More from GossipMore posts in Gossip »