දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා දුනගහ ඉඳුරාගාරේ ප්‍රදේශයේ සහ දිවුලපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබේ.
ඔවුන් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් පසුව රඹුක්කන මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා බ්‍රරැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරය කර ඇති බවත් බැන්ඩික්ස් ආයතනයේ සේවකයාට covid-19 වෛරසය ශරීරගත වී ඇති බව දැන ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනා ද පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 4 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 08 සිට පස්වරු 4.30 දක්වා කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අසූවකට ගමන් කොට ඇති බව හෙළිදරව් කරගෙන තිබේ.
මෙම තොරතුරු අනාවරණය වීමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා විසින් දඹුල්ල මහ නගර සභාව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කළමණාකරන භාරය දැනුවත් කොට තිබේ. මේ වන විටත් එම මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට කටයුතු කර තිබේ.