මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් අද (09දා) කටයුතු කළේය.
එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැදි සිට ඇති අතර ඇය (08දා) අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහළ කොටසේ තම නිවසට පැමිණ ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මූලස්ථානය විසින් නොර්වුඩ් පොලීසිය වෙත ඇය පිළිබදව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් ඇයව හඳුනාගෙන ඇත.
එම සේවිකාව , ඇගේ සැමියා , එම සේවිකාවගේ මව සහ පියා සහ එම සේවිකාවගේ අවු 10 වයසැති දැරියද නිරොධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරිණ.
එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබීය.