Press "Enter" to skip to content

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ

හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.

අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු තුවාලලබා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන ඇත.
එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තිබීම නිසා බස් රථය වලකට වැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.

තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද පැවසේ.

More from GossipMore posts in Gossip »