Press "Enter" to skip to content

කොටියෙකු මරා මස් අලෙවි කළ අඹුසැමි යුවළ‍ක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට

කොටියෙකු මරා මස් පිණිස අලෙවි කරමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මද්දකට හසුවූ කොටියෙකු මෙලෙස මස් පිණිස අලෙවි කර ඇති බව පොලිසිය පැවසීය.

උඩුදුම්බර පොලිසියට ලැබුණු තොරතුරට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය කොටියාගේ මෘත ශරීර කොටස් වෙන් කර තිබියදී හමුවූ බවත් සැකකරුවන් අද තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසීය.

More from GossipMore posts in Gossip »