අවුරුදු 13 ක් වයසැති පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝවක්, සන්තකයේ තබාගෙන සිටි 15 හැවිරිදි පිරිමු ළමුන් දෙදෙනෙකු ඊයේ (24) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පිරිමි ළමුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමේදී ඔවුන්ගෙන් එක් අයෙකු ළඟ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක තිබී එම දැරියගේ නිරුවත් ඡායාරූප 20ක් හා වීඩියෝවක් සොයාගෙන ඇත.
දැරියගේ නිවස ආසන්නයේ පදිංචි මේ පිරිමි ළමුන් විසින් දැරියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අසල්වැසියකුට පෙන්වා ඇති අතර එම අසල්වැසියාගෙන් ලද තොරතුරු අනුව දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකකාර ළමුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දැරිය නාන කාමරයේ සිට දිය නාන අවස්ථාවේදී දැරියට නොතේරෙන අයුරින් ඉතා සූක්‍ෂම ලෙස එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයෙන් ලබාගත් බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
මෙම සැකකාර ළමුන් දෙදෙනා දැනට පාසල් නොයන බවත් දෙමාපියන් එම ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන හෙයින් නොයෙක් විෂමාචාර ක්‍රියා සඳහා පෙළඹී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම පිරිමි ළමුන් දෙදෙනාගේ යහපත සහ සුබසිද්ධිය සඳහා පරිවාස නිලධාරීන් මාර්ගයෙන් සුදුසු බාරකාරත්වයකට පත් කිරීම සඳහා දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ පොලිසිය කියා සිටී.