කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයන්ට නිත්‍යනුකූල ලේඛන ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත.
මෙම ගැසට් නිවේදනය අවිධිමත් බවත් එමගින් අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම් වැඩි වී තිබෙන බව අනාවරණය විය.
පරිසරවේදීන්ද දිගින් දිගටම මෙම ගැසට් නිවේදනයට විරෝධතා පළකළ අතර, ඒ සම්බන්ධයෙන් විමසීමේදී රජයේ වගකිවයුතු දේශපාලකයෝ නිහඬ වූහ.
කෙසේ නමුත් ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් පෙරේදා (22 වැනිදා) නිකුත් කරන ලද අංක 2194/28 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ ‘අංක 2192/36 හා සැප්තැම්බර් 10 දිනැතිව පළකරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවයි.