මහනුවර, බූවැලිකඩ ප්රදේශයේ පස්මහල් නිවසක් තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පසුගිය දා මියගිය අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරිණි.
ඒ, කටුගස්තොට, මහයියාව පොදු සුසාන භූමියේදීය.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වූයේ පසුගිය ඉරිදා දිනයේදීය.
අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්රසාද් සහ අචලා ඒකනායකගේත්, ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති දියණිය ඔනෙලාගෙත් දේහයන් ඔවුන්ට අයත් හෝටලයක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණි.

Published in Gossip
More from GossipMore posts in Gossip »