කටාර් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කටාර් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, එම කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ඊයේ (22) දින සිට ඔක්තෝබර් මස 5 වන දින තෙක් තානාපති කාර්යාලය වසා දමා තිබේ.
මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා පහත විද්යුත් ලිපිනය හෝ දුරකථන අංක භාවිතා කරන්නැයි ද තානාපති කාර්යාලය දැනුම් දෙයි.
ක්ෂණික අවධානය සඳහා – consular.doha@mfa.gov.lk
කොන්සියුලර් සේවාවන් සඳහා – 74703413
කම්කරු හා සුබසාධන සේවාවන් සඳහා – 70088771
Published in Gossip
More from GossipMore posts in Gossip »