Press "Enter" to skip to content

දුෂිතයෙක් දේශපාලන බලයෙන් කතරගම දේවාලයේ බස්නායක ධූරයට පත්වීමට දැඩි උත්සහයක

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක ධූරයට පත්වීම සඳහා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කරයි.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

රුහුණු මහා කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුර මේ වනවිට හිස්වී වැඩ බලන භාරකාරීත්වයක් යටතේ පාලනය වන බවත් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කතරගම දේවාලයේ බස්නායක ධූරය සම්බන්ධයෙන් විවිධාකාර ගැටලු පැන නැගුනු බවත් උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේය.

More from GossipMore posts in Gossip »