Press "Enter" to skip to content

කොළඹට ආ වෙළෙඳ නෞකා දෙකක කොරෝනා ආසාදිතයින්

ඉන්දියාවේ හා පාකිස්තානයේ සිට කොළඹ වරාය වෙත පැමිණි වෙළෙඳ නෞකා දෙකකින් Covid-19 රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමග එම නැව් පිහිටි ප්‍රදේශ ඊයේ (17) වන විට ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇත.

පාකිස්තානයේ සිට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන පැමිණි නැවකින් ඊයේ (17) එක් Covid-19 ආසාදිතයකු වාර්තා වී ඇත. නැවේ කාර්ය මණ්ඩල එහි සිටියදීම ගොඩබිමට ඒමට ප්‍රථම කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම අනාවරණය වී තිබේ.

එම නැව කොළඹ වරායට එපිටින් නැංගුරම් ලා ඇත.

‘විශ්වා ආනන්ද්’ නම් වූ ඉන්දිය නෞකාව කාර්ය මණ්ඩලයේ විසිහතර දෙනෙකු සමග අලුත්වැඩියාවක් සඳහා පසුගිය ඉරිදා කොළඹ වරායට පැමිණ ඇත.

එම පිරිස නෞකාව තුළම රඳවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතරේ ඉකුත් 15 වැනිදා සවස උණ රෝගය වැලඳී එහි සිටි අයකු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත.නෞකාවේ පැමිණි එම ඉන්දියානුවාට Covid-19 වැලඳී ඇතැයි පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ පසු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා ඇත.

(srilankamirror.com)

More from GossipMore posts in Gossip »