වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, දමන කලාපයේ සේවය කරන වනජීවී ක්ෂේත්ර සහායකවරයෙකු වන අලි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
සියඹලාණ්ඩුව, රුහුණුදනව්ව, හෙළමුල්ල ප්රදේශයට වන අලි කඩා වැදී ඇති බවට දමන වනජීවී කලාප කාර්යාලයට ලැබුණු තොරතුරක් මත, වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ගම්වාසීන් සමග වන අලින් පලවා හැරීමට ගිය අවස්ථාවේදී අදාළ නිලධාරියා මෙලෙස වන අලි ප්රහාරයට ලක්වී තිබේ.
පසුව, බරපතළ තුවාල ලැබූ එම නිලධාරියා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව සියඹලාණ්ඩුව පොලිසිය සඳහන් කරයි.
මිය ගිය වනජීවී ක්ෂේත්ර සහායකවරයා වඩිනාගල ප්රදේශයේ පදිංචි, 44 හැවිරිදි දෙදරු පියෙකි.
දේහය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.