දැනට පවතින වසර 03ක හෙද ඩිප්ලෝමා පාඨමාලාවේ කාලය වසර 04ක උපාධියක් දක්වා උසස් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හෙද පුහුණු පාසල්වල යටිතල පහසුකම් නංවමින් හෙද විදුහල් විද්‍යාගාර, නේවාසිකාගාර ඇතුළු ගොඩනැඟිලිවල අඩුපාඩු මඟහරවා දෙමින්, ඉංග්‍රීසි දැනුම හා විදෙස් රටවලට සේවයට යෑමට සුදුසු මට්ටමේ ලොව පිළිගත් හෙද පරපුරක් නිර්මාණය කිරීම තුළින් රටේ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති කොළඹ හෙද විදුහලේ නවක සිසු හෙදියන්ගේ හිස්වැසුම් පැළඳවීමේ උත්සවයට එක්වෙමිනි.