Press "Enter" to skip to content

බෙන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ කාන්තාවකට කොරෝනා

යුද හමුදාව විසින් බෙන්තොට සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමුකර සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඊයේ (08) කරාපිටිය රෝහලේදී කරන ලද පී.සි.ආර්.පරීක්ෂණය අනුව ඇයට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

මත්තේගොඩ නිවාස සංකිර්ණයේ පදිංචි 57 හැවිරිදි මෙම කාන්තාව පසුගිය 29 වනදින එංගලන්තයේ සිට පැමිණි පිරිසෙන් අයෙකු බවත් ඇය අද (09) රාත්‍රීයේම කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත යැවීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
(lankadeepa)