Press "Enter" to skip to content

මෙත් බෝ සෙවනේ හොර චීවරධාරීන්ට එරෙහිව විරෝධතාවක්

අහංගම මෙත් බෝ සෙවන නමින් හොර චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යන අසපුවට එරෙහිව අද(05) උදැසන අහංගම නගරයට එක්වු ගම්වාසීන් හා දකුණු පලාත් මහනායක හිම්වරුන් ඇතුළු සංඝයා වහන්සේලා කලුකොඩ් ඔසවා විරෝධතාවක් පැවැත්වුහ.

මෙහිදී වෙලදසැල් හිමියන්ද වෙලදසැල් වසා දමා විරෝධතාවයට සහාය දැක්වුහ.

අහංගම මෙත්බෝ සෙවන නම්න් පවත්වා ගෙන යන මෙම අසපුව ගම්වාසීන්ට පවා පැමිණිම තහනම් කරමින් බණ ඇසිමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන ඉන්නා බවට එම තරුණියන් ගේ පවුල්වල අයම අහංගම පොලිසිය හා ගාල්ල ලමා හා කාන්තා කාර්යාංශයේ පැමිණලි කර ඇත.

එවැන් වට පිටාවක අහංගම ගම්වාසීන් වසර හැටක් පමණ භාවිත කල ප්‍රධාන මාර්ගය මෙත්බෝ සෙවනේ ඇබිත්තයන් දෙදෙනකු ට්‍රැක්ටර්යක් හරස් කර පසුගිය සතියේ වසා දමන්නේ මෙත්බෝ සෙවනේ හිම්වරුන් ගේ මැදිහත්වීම මතය.

මෙයට ගම්වාසීන් විරෝධය දක්වද්දී මෙත්බෝ සෙවන හිම්වරුන් යකඩ පොලු රැගෙන මැරවරයින් ලෙස කටයුතු කරද්දී අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංජුල ද සිල්වා ගැටුමක් ඇතිවිම වලක්වා ට්‍රැක්ටර් රථය යොදා මගහරස් කල ඇබිත්තයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණ.

ගම්වාසීන්ට මෙම මාර්ගය භාවිත කිරිමට අයිතිය ඇති බව ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය සභා සභාපති තහවුරු කරද්දී මෙත්බෝ සෙවන හිම්වරුන් පොලිස් ස්ථානාධිපති වරයාට එරෙහිව සමාජජාලා හරහා මඩ ගැසිමට පටන් ගෙන තිබිණ.

මේ අතරේ ගම්වාසීන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට පෙරට ආ අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල ද සිල්වා මාරුකර යැවිමට මෙත්බෝ සෙවනේ අසපුව තුල සිටින භික්ෂූන් ට එරෙහිව ගම්වාසීන් පසුගිය දින කිහිපය තුල විරෝධතා ඇරඹිය .අද එම විරෝධතාවය අහංගම නගරයට ගෙනයාමට ගම්වාසීන් හා අවට විහාරස්ථාන වල විහාරාධිපති වරුන් එක්ව සිටියහ.