අපේ ජන බල පක්ෂය විසින් එම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පැමිණිලි කාර පාර්ශවය ලෙස, අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා, අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රත්නායක හා අපේ ජන බල පක්ෂය මෙම පෙත්සම් දෙක ගොනු කරන ඇති බව එම පක්ෂයේ ලේකම් එරන්ද කේ. නවරත්න මහතා පැවසීය.
මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තර පාර්ශවයන් ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික නලින් අඹේසේකර, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් යන මහත්වරුන්ද, මැතිවරණ කොමිසන් සභාව ද, අපේ ජන බල පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි හා නීතිපතිවරයා නම් කර තිබේ.