හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු, පිළිකා රෝග සඳහා දෙනු ලබන එන්නතක් ලබා දීමෙන් අනතුරව මිය යාමත් සමග, එම එන්නත රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතා පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද අධ්‍යක්ෂකවරයා පවසයි.
ඉකුත් අගෝස්තු මස පළමු වන දින දික්වැල්ල පදිංචිකාරියක අදාළ එන්නත ලබා දුන් පසු මියගොස් ඇති අතර ඇයගේ මරණයෙන් දින කිහිපයකට පසුව තවත් කාන්තාවක් ද එම එන්නත ලබා දීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙම රෝගීන් මිය යාමට එන්නත හේතුවක් වී ඇති ද යන සැකය මතු වී ඇති අතර, ඒ හේතුවෙන් එය ලබා දීම තාවකාලිකව නවතා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතා,
“අපිට එම මරණ සම්බන්ධයෙන් මේ වන තෙක් ම සැකයක් පමණයි තිබෙන්නේ. අපි ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කරලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් එව්ව ම තමයි අපිට හරියට ම කියන්න පුළුවන් වෙන්නේ.
මෙහෙම දේවල් වෙනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන්න ඕන. දැනට අපි ඒක කරලා තියෙන්නේ. අමාත්‍යාංශයෙන් වාර්තාව එනතුරු එම බෙහෙත නවත්වලා තියෙන්නේ. ඒ වාර්තාවට අනුව තමයි හරියට ම කියන්න පුළුවන් වෙන්නේ මේ මරණ සිදු වුණේ මේ ඖෂධය නිසා ද නැතිනම් වෙනත් කාරණාවක් නිසා ද කියන එක.
කොහොම වුණත් දැනට මෙම එන්නත රෝහල තුළ භාවිත කෙරෙන්නේ නෑ.”