සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු මාස්පතා ජනතාවට සිය ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදීමේ වැඩිපිළිවෙලක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සදහන් කළේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර එම ශේෂය දැන ගැනීමට මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල මේ වනවිට නතර වී ඇති බවයි.
සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සදහා දැනටමත් කටයුතු සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »